සොයිසාපුර හෝටලය: කප්පම් ඉල්ලූ අයෙකු අත්අඩංගුවට

සොයිසාපුර හෝටලයෙන් කප්පම් ඉල්ලූ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 04-06-2020 | 9:59 AM

COLOMBO (News 1st) - වෙඩි ප්‍රහාරවලට ලක් වූ මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයෙන් කප්පම් ඉල්ලූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, මහින්ද මාවත ප්‍රදේශයේදීය. ඔහු අදාළ හෝටලයෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවිය. පසුගිය 29 වැනි දා සිදු කළ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.