වැඩි මිලට වැලි විකුණුවොත් බලපත්‍රය අහෝසියි

වැඩි මිලට වැලි විකුණුවොත් බලපත්‍රය අහෝසියි

by Staff writer 04-06-2020 | 4:27 PM

COLOMBO (News 1st) - වැඩි මිලට වැලි විකුණන තොටුපළ හිමියන්ගේ කැනීම් බලපත්‍ර අහෝසි කරන බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.

එම කාර්යාංශය සඳහන් කළේ, වැලි තොටුපළවලින් වැලි කියුබ් එකක් සඳහා අයකළ හැක්කේ රුපියල් අටදහසක් පමණක් බවයි. එහෙත් ඇතැම් පිරිස් එම සීමාව උල්ලංඝනය කරමින් වැලි විකිනීම සිදුකරන බවට පැමිණිලි ලැබී ඇතැයි කාර්යාංශය සඳහන් කළේය. භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එවැනි තොටුපළ පරික්ෂා කර අවශ්‍ය පියවර ගන්නා බවයි.