රියැදුරු බලපත්‍රයේ පරීක්ෂණ ගැන දැනුම්දීමක්

රියැදුරු බලපත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයකින් ඉටු කර ගැනීමට ගත් තීරණය ඉවතට

by Staff writer 04-06-2020 | 12:35 PM

COLOMBO (News 1st) - රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශවයකින් ඉටු කර ගැනීමට පසුගිය රජය ගෙන තිබු තීරණය අවලංගු කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මගිනි. ප්‍රායෝගික පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් ඉටු කර ගැනීමට පසුගිය රජය 2017 වර්ෂයේදී තීරණය කර ඇත. එම තීරණය අවලංගු කර එම විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් නව තීරණයට එළැඹි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.