මුදල් නාස්තියට සැරසුණු Tab ගනුදෙනුව අමතක ද?

මහජන මුදල් කාබාසිනියා කිරීමට සැරසුණු Tab ගනුදෙනුව අමතක ද?

by Staff writer 04-06-2020 | 8:31 PM
COLOMBO (News 1st) : පසුගිය රජය සමයේ දූෂන චෝදනා එල්ලවූ තවත් එක් අවස්ථාවක් වන්නේ, ටැබ් පරිගණක ගනුදෙනුවයි. උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට අදාළව යෝජනාවූ ව්‍යාපෘතියේදී හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට චෝදනා රැසක් එල්ලවිය. අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2017 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 5 ක් පමණක් වෙන් කර තිබිණ. පසුව එය රුපියල් බිලියන 6.78 දක්වා වැඩි කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කෙරිණ. රුපියල් බිලියන 7 කට ආසන්න මහජන මුදල් වැය කර මිලදී ගැනිමට සූදානම්වූයේ යල් පැන ගිය තාක්ෂණයකින් යුත් ටැබ් පරිගණකයි. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා අවලස්සන එකක් බව ජනාධිපති විමර්ශන හමුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ එවක ප්‍රසම්පාදන පිළිබද අතිරේක ලේකම්වරයා අවධාරණය කළේ ය. මහජන මුදල් අවභාවිත කිරීමට සූදානම්වූ මෙවැනි අයථා ගනුදෙනු ගැන දැන්වත් නිසි විමර්ශනයක් සිදුකළ යුතු නොවේ ද? https://www.facebook.com/NewsfirstSL/videos/268525644573106/