බඹරු දෂ්ට කිරීමෙන් 6 දෙනෙකු රෝහලේ

බගවන්තලාවේදී බඹරු දෂ්ට කිරීමෙන් 6 දෙනෙකු රෝහලේ

by Staff writer 04-06-2020 | 7:30 AM

COLOMBO (News 1st) - හැටන්, බගවන්තලාව ප්‍රදේශයේදී බඹරුන් දෂ්ට කිරීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඊයේ පස්වරුවේ බඹරුන් දෂ්ට කර ඇත්තේ, බගවන්තලාව වතුයායේ ඇති දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිටි ළමුන් තිදෙනෙකුටයි. අනතුරුව ළමුන් බේරා ගැනීමට පැමිණි වතු සේවකයින් තිදෙනෙකුට ද බඹරු දෂ්ට කර ඇති බව වාර්තා වේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මේ වනවිට බඹරුන් දෂ්ට කළ පුද්ගලයින් හැටන්, බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවය. මෙම ප්‍රදේශයේ බඹර වද වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර වතුසේවකයින් ප්‍රකාශ කළේ, නිරන්තරයෙන් බඹරුන් දෂ්ට කිරීම්වලට ලක්වන මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුගේ අවධානය යොමුව නොමැති බවය. https://www.facebook.com/NewsfirstSL/videos/251978502755591/