පළගැටි උවදුර මාවනැල්ලට සහ මාතරට

පළගැටි උවදුර මාවනැල්ලට සහ මාතරට

by Staff writer 04-06-2020 | 11:04 AM

COLOMBO (News 1st) - කහ තිත් පළගැටි විශේෂය දිවයිනේ තව ත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට එම පළගැටි විශේෂය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් හා මාවනැල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වන බවය. පළගැටි ගහනය පාලනය සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටින බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි. ඩි. ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. මාවතගම ප්‍රදේශයෙන් මුල් වරට වාර්තා වූ මෙම පළගැටි විශේෂය පසුව මීරිගම ප්‍රදේශයෙන් ද වාර්තා විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජගත් සුදසිංහ මහතා සඳහන් කළේ, පළගැටි උවදුර පාලනය සඳහා පියවර ගනිමින් සිටින බවය. කිසියම් කෘමි සතෙකුගේ ගහනයක අසාමාන්‍ය වර්ධනයක් පවතී නම් ඒ පිළිබඳ වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරියෙකුට දැනුම් දෙන ලෙස ද ඔහු පැවසීය.