සංවර්ධනයට මුවා වී කෙරෙන ජාවාරමක්

අසාර්ථක වූ ව්‍යාපෘතියකට මුවා වී කෙරෙන ජාවාරමක්

by Staff writer 04-06-2020 | 8:35 PM
COLOMBO (News 1st) : තෙල්වත්ත, පැරෑලිය නැංගුරම් තොටුපළ ව්‍යාපෘතිය අසාර්ථකවී ඇතැයි ධීවරයෝ චෝදනා කරති. 2017 වසරේ අග අවසන් කළ ව්‍යාපෘතියේ අරමුණ වූයේ ධීවර හා නැංගුරම් තොටුපළක් ලෙස මෙම ස්ථානය සංවර්ධනය කිරීමයි. ධීවරයින් පවසන්නේ, පිරුණු වැලි ඉවත් කර ගල්වැටියක් යොදා නැවත වරක් නැංගුරම් පොළ යථා තත්ත්වයට ගත හැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ වෙනුවට වැලි ජාවාරමක් ක්‍රියාත්මක බවයි. මේ වැලි මුහුදට නිදහස් කිරීම තුළින් යළි වෙරළ ඛාදනයක් වෙන්නේ නැහැ. ගල්වැටිය දැම්මයින් පස්සේ . ඊට හාත්පසින් වෙනස් විදිහට වැලි මාෆියාවක් වෙනවා මෙතන . ඒතන ඒ අය කැමති අයට වැලි දෙනවා අඩු ගානට මෙතනින් අප මේ ගැන විමසීමට ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඒය සාර්ථක නොවී ය. https://www.facebook.com/NewsfirstSL/videos/259557638614133/