අරාබි මුහුදේ අසරණවූ ලාංකීය මුහුදු ආරක්ෂකයින්

අරාබි මුහුදේ අසරණවූ ලාංකීය මුහුදු ආරක්ෂකයින්

by Staff writer 04-06-2020 | 9:15 PM
COLOMBO (News 1st) : 70 කට ආසන්න ශ්‍රී ලාංකික සමුද්‍ර ආරක්ෂකයින් පිරිසක් කොරෝනා වසංගත තත්ත්වයත් සමග අරාබි මුහුදේ යාත්‍රාවක් තුළ සිරවී සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් මුදා ගෙන යළි මව්බිමට රැගෙන ඒමට මැදිහත්වන ලෙසයි. 'ග්‍රේ ෆාම්' නමැති ස්පාඤ්ඤයේ සමූහ ව්‍යාපාරයකට අයත් පුද්ගලයින් 40-50 ත් අතර ප්‍රමාණයකට ප්‍රමාණවත් පහසුකම් සැපයිය හැකි මධ්‍යම ප්‍රමාණයේ ධීවර යාත්‍රාවක මෙම පිරිස සිරවී සිටිති. පසුගිය 02 වැනිදා මේ පිරිස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ මේ යාත්‍රාවේ 180 ක පමණ පිරිසක් රඳවා තබා ගනිමින් මිනිස් ජාවාරමක් සිදුවෙමින් ඇති බවයි. මෙලෙස සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් ලෙස 'ග්‍රේ ෆාම්' යාත්‍රාවේ සිටින වැඩි දෙනා විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ය. ජාත්‍යන්තර නාවික සංවිධානයේ නියාමනයන්ට අනුකූලව පුද්ගලයින් රඳවා තබා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් කිසිවක් යාත්‍රාව සපුරා නොමැති බව ද මේ පිරිස පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/2734617640093673/