පොසොන් පෝයට දන්සල් බැහැ

පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

by Staff writer 04-06-2020 | 7:33 AM

COLOMBO (News 1st) - මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවය. කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර ගනිමින් කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අංශ වෙත මහජනතාවගේ සහයෝගය ඉදිරියේදිත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.