අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට නඩු

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට නඩු

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට නඩු

කර්තෘ Staff writer

04 Jun, 2020 | 9:06 am

News 1st – ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විමුක්තිය ඉල්ලමින් පැතිර යන විරෝධතා මාලාව තවමත් ක්‍රියාත්මකවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යනතෙක් ගෙල සිර කරගෙන සිටි පොලිස් නිලධාරියාට මේ වනවිට දෙවන ගණයේ මිනී මැරීමකට එරෙහිව නඩු පවරා ඇති බවය.

ඔහු සමග ෆ්ලොයිඩ් ඝාතනය වන අවස්ථාවේ සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් තිදෙනා මින් පෙර නිදහස් කළ ද මේ වනවිට යළිත් ඔවුන් හට මනුෂ්‍ය ඝාතනයකට අනුබලදීම යන චෝදනා එල්ල වී තිබේ.

මේ අතර මිනිසෝටා ප්‍රදේශයේ නීතිපති කෙයිත් එලිසන් පවසා තිබෙන්නේ ඔවුන්ට විරුද්ධව නිවැරදි ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම සිදුවන බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ප්‍රාන්ත ආරක්ෂක අංශ විරෝධතාවන් පාලනය කිරීමට අසමත් වන්නේ නම් අමෙරිකානු හමුදා යොදවා හෝ එය සිදු කරන බවය.

කෙසේ නමුත් තත්ත්වය පාලනයට හමුදා යොදවනු ලැබුවහොත් අමෙරිකාව තුළ එවැනි හමුදාව යොදවා ප්‍රාන්ත පාලනය කිරීමක් සිදුවන්නේ වසර 30 කට පසුව බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර අමෙරිකාවේ පැවැත්වෙන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විමුක්තිය සඳහා වූ විරෝධතාවලට සහයෝගය දක්වමින් එංගලන්තයේ ලන්ඩන් නුවරට පිරිසක් එක්ව සිටියහ.

ලොව පුරා රටවල් රැසක ජනයා මෙම විරෝධතා සඳහා සහයෝගය පළ කරද්දී ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක පසුගිය දා රුසියාවට චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කළේ, රුසියාව සමාජ මාධ්‍ය හරහා අමෙරිකානු විරෝධතාකරුවන් අතර ක්‍රෝධය වැපිරීම සඳහා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා පවසා ඇත්තේ, අමෙරිකාවේ සිදු වන දේ හරහා බරපතළ ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීමක් සිදු වන බැවින් මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් ලැබී තත්ත්වය සමනය වීම සිය අපේක්ෂාව බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]