ෂන්ෂයින් සුද්දාට වෙඩි තැබූ ආමි ජෙරම් අත්අඩංගුවට

UPDATE : ෂන්ෂයින් සුද්දාට වෙඩි තැබූ අතුරුගිරියේ ආමි ජෙරම් අත්අඩංගුවට

by Staff writer 03-06-2020 | 10:14 PM
COLOMBO (News 1st) : අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් ෂන්ෂයින් සුද්දා නමැති අයට පසුගිය 30 වැනිදා වෙඩි තැබීම සම්බන්ධ‍ ප්‍රධාන සැකකරු අද වැලිගමදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජෙරම් කෝලිත් සිල්වා හෙවත් අතුරුගිරියේ ආමි ජෙරම් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙකි. ඔහු අද උදෑසන වැලිගම මෝදර ප්‍රධාන පාලම අසලදී විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

පෙර පුවත සඳහා පිවිසෙන්න.. 

https://www.newsfirst.lk/sinhala/2020/05/30/%e0%b6%b8%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af/