by Staff writer 03-06-2020 | 8:24 PM
COLOMBO (News 1st) : ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි, කියන තවත් අයථා ගනුදෙනුවක් ගැන අද තවත් අනාවරණයක් සිදු කෙරිණ.
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ, සතොස සභාපතිවරයා එක් සැමන් ටිං එකක් රුපියල් 98 බිල්කර යුද හමුදාවට ආහාරපාන ලබා දෙන ආයතනයකට එකක් රුපියල් 185ක් වන සේ සැමන් ටිං ලක්ෂයක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රුපියල් 98 ක මුදලකට අදාළ ටින්මාළු තොගය යුද හමුදාවේ නිල ලත් ආහාර සැපයුම්කරුවෙකුට අලෙවි කළ බව ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පිළි ගත්තේ ය.
නමුත් ඔහු කියා සිටියේ, රුපියල් 98 ට අලෙවි කිරීමෙන් වංචාවක් සිදුවී නොමැති බවයි.
වැඩි මිලට තවත් පාර්ශ්වයකට ඒවා අලෙවි කර ඇත්නම් අදාළ පෞද්ගලික ආයතනය පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/2441958792574074/