රටේ සැබෑ ණය ප්‍රමාණය කොපමණද?

රටේ සැබෑ ණය ප්‍රමාණය කොපමණද?

by Staff writer 03-06-2020 | 8:35 PM
COLOMBO (News 1st) : අපේ රටේ මුළු ණය ප්‍රමාණය කීය ද? විගණකාධිපතිවරයා මේ පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබේ. විගණකාධිපතිවරයා 2019 මුදල් අමාත්‍යාංශව වාර්තවේ සිය නිරීක්ෂණ තුළින් පෙන්වා දෙන්නේ රජයේ මුළු ණය ප්‍රමාණය පිළිබඳව මහ බැංකුවෙත්, මුදල් අමාත්‍යාංශයේත් සංඛ්‍යා ලේඛන අතර පරස්පරයක් ඇති බවයි. විගණකාධිපතිවරයාට අනුව මේ පරස්පරය රුපියල් කෝටි 70,000 කි. මුදල් අමාත්‍යාංශයට අනුව 2019 වසර අවසන්වන විට රජය ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දොලොස් ලක්ෂ දහ අට දහසකි. නමුත් රුපියල් කෝටි 70,000 ක රාජ්‍ය ණය ඒ තුළ සඳහන්ව නැතැයි, විගණකාධිපති වාර්තාවේ සඳහන් ය. එසේ සඳහන් නොවූ රාජ්‍ය ණය අතර රුපියල් කෝටි 31,820 ක භාණ්ඩාගාර බැඳුම්කර හම්බන්තොට වරාය වෙනුවෙන් ගත් ණය හා තවත් විදේශ ණය ගැනීම් ඇතුළත් වේ. හම්බන්තොට වරායේ ඉදිකිරීම් වෙනුවෙන් ලබාගත් රුපියල් කෝටි 17,200 ණය ප්‍රමාණය 2019 මුදල් අමාත්‍යංශ වාර්තාවේ රාජ්‍ය ණය එකතුවට ඇතුළත්ව නැතැයි, විගණකාධිපතිවරයා පෙන්වාදෙයි. හම්බන්තොට වරායේ දෙවන අදියර සඳහා ලබාගෙන ඇති රුපියල් කෝටි 820 ක මුදලත් මුදල් අමාත්‍යාංශ වර්තාවේ සඳහන්ව නොමැත. විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ 2018 හා 2019 කාලයට අදාළව ලබාගත් රුපියල් කෝටි 3340 ක මුදලද අමාත්‍යාංශ වාර්තාවේ සඳහන්ව නැති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/558252544866368/