තුෂාර උපුල්දෙණිය වැඩබලන කොමසාරිස් ජෙනරාල් ධුරයට

බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙක්

by Staff writer 03-06-2020 | 7:30 PM
COLOMBO (News 1st) : බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කර තිබේ. මේ පත්කිරීම සිදුකර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකිනි. ඒ අනුව බන්ධනාගාර කොමාසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා වැඩබලන කොමසාරිස් ජෙනරාල් ධුරයට පත්කර තිබේ. මේ පත්කිරීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් මොහොමඩ් මහත්මිය තහවුරු කළා ය