මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඡන්දයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

by Staff writer 03-06-2020 | 7:13 AM

COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වේ.

මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් ඊයේ ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇතිව තිබෙන තත්ත්වයත් හා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම අද කොමිසම රැස්වීමට නියමිතය. පවතින සෞඛ්‍ය තත්ත්වය යටතේ ලබන 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මීට පෙර මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ ය. මීට අමතරව අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී ඇති නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවට පුද්ගලයකු නම් කිරීම සම්බන්ධයෙන් වන ලිපියද අද කොමිෂන් සභා රැස්වීමෙන් අනතුරුව එම පක්ෂයේ ලේකම්වරයාට යොමු කිරීමට සැළසුම් කර තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන, අචාරධර්ම හා මැතිවරණයේ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට ද මැතිවරණ කොමිසම ඊයේ අත්සන් තැබුවේ ය. එම ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.