COLOMBO (News 1st) : මීට පෙර නිවේදනය කර තිබූ පරිදි අද රාත්‍රි 10 සිට ලබන 6 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ අනුව හෙට පොසොන් පොහොයට පෙර දින හා පොසොන් පෙහෝ දින රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.
මෙම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් ඇඳිරී නිති උපදෙස් පිළිපැදිය යුතු බව පොලීසිය දැනුම් දී සිටී.
මේ අතර හෙට දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේ දිවයිනටම බලපාන ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් මේ තීරණය ගත් බවයි.
ඇඳිරි නීතියට අදාළව පසුගිය 28 වන දා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්...
