සොයිසාපුර වෙඩි තැබීම: තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියේ තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-06-2020 | 11:14 AM

COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තව ත් සැකකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 225 ක් සොයාගත් බවය. 26 සහ 36 හැවිරිදි සැකකරුවන් අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 29 වැනි දා එම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අඟුලාන සහ රත්මලාන ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට ගැනුණි. මේ අතර මාලිගාවත්ත, ලක්සෙත මහල් නිවාස සංකීර්ණයේදී 35 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාළ සිද්ධියට අධාර අනුබලදීමේ චෝදනාව යටතේයී. 38 හැවිරිදි සැකකරු මාලිගාවත්ත, පුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 30 වැනි දා සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.