'නිසර්ගා' ප්‍රචණ්ඩ වෙයි

වසර 100 ට පසු මුම්බායි නගරයට සුළි කුණාටුවක්

by Staff writer 03-06-2020 | 1:33 PM

COLOMBO (News 1st) - 'නිසර්ගා' සුළි කුණාටුව අද පෙරවරුවේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ප්‍රබල වූ බව ඉන්දීය කාලගුණ වාර්තාවල දැක්වේ.

මුම්බායි නුවරට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වන්නේ වසර සියයකට පසුවය. මේ වනවිට මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් වෙරළ තීර වෙත හමායමින් පවතින සුළි කුණාටුව අද පස්වරුවේ මුම්බායි නුවර ආසන්නයේ පිහිටි අලිබාග් වෙත කඩාවැදෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. සති දෙකක් තුළ ඉන්දියාවට බලපෑ දෙවැනි සුළි කුණාටුව මෙයයි. නිවෙස් තුළට වී සිටින ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි. 'නිසර්ගා' සුළි කුණාටුවේ වේගය මේ වනවිට පැයට කිලෝමීටර් සියයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සඳහන් ය.

වෙනත් ලිපි