English
தமிழ்
කර්තෘ Staff writer
03 Jun, 2020 | 8:49 pm
හඳුනාගත් පළගැටි විශේෂයක් සම්බන්ධයෙන් පසුගියදා පළමුව වාර්තා වුණේ මාවතගම ෆ්රැන්සිස්කෝවත්ත ප්‍රදේශයේ වගා භූමිවලිනි.
පසුව ඒ අවට ප්‍රදේශ රැසකින් පළගැටියන් දක්නට ලැබිණ.
වයඹ පළාතේ මාවතගම, මලන්දෙණිය ,උඩගම, මතව, මීතැන්වල, බරන්දන, ඉදුල්ගොඩකන්ද ,කටුපිටිය, දොරටියාව,නාගහකන්ද ,කැටවල සහ වල්පොලකන්ද යන ප්‍රදේශවලින්ද මේ සතුන් පිළිබඳව වාර්තා විය.
අද දිනයේ උඩගම, වල්පොලකන්ද ,ඉදුල්ගොඩකන්ද වැනි ප්‍රදේශවලින් මෙන් ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයෙන් ද මෙම වර්ගයේම පළගැටියන් දක්නට ලැබිණ.
අප වාර්තාකරු පැවසුවේ, මේ සතුන් කිහිපදෙනෙකු ආරක්ෂිතව බෝතලයකට දමා වැඩිදුර පරීක්ෂණ සඳහා ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණායතනයට යොමු කර ඇති බවයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කෘෂි නිලධාරීහු පිරිසක් අද මදුරුපිටිය ප්‍රදේශයට පැමිණියහ.
මෙවැනි පළගැටියන් පිළිබඳව තවත් ප්‍රදේශවලින් වාර්තා වේ නම් 1920 අංකය අමතා තොරතුරු ලබා දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
පළගැටි උවදුර මීරිගමටත්#lka #News1ts
Posted by Newsfirst.lk on Wednesday, June 3, 2020
13 Feb, 2021 | 08:28 AM
31 May, 2020 | 01:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS