by Staff writer 03-06-2020 | 7:24 AM
COLOMBO (News 1st) - මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බවය.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු කෙරෙනු ඇති.
මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද ඇය සඳහන් කළා ය.