හිටපු ජනපතිගෙන්  මහේන්ද්‍රන් ගැන අනාවරණයක්

මහේන්ද්‍රන් පිටුවහල් කිරීම වැළැක්වූ බවට හිටපු ජනපති තමන්ගේම රජයට දොස් නගයි

by Staff writer 03-06-2020 | 2:30 PM
COLOMBO (News1st) : හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ක්‍රියාවලිය සිය රජයේම පිරිසක් විසින් කඩාකප්පල් කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනාවරණයක් සිදු කළේ ය . හිටපු ජනාධිපතිවරයා මෙම අනාවරණය සිදු කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සඳහා තම අත්සන් 21,000ක් යෙදූ ලේඛන ජන්‍යන්තර පොලීසිය වෙත යොමු කළ බවයි. එහෙත් පසුව සිය ආණ්ඩුවේම පිරිසක් මෙය මූල්‍ය වංචාවක් පිළිබඳ ප්‍රශ්නයක් නොව, දේශපාලනික ගැටුමක් බව පවසමින් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් නොවන ලෙස ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව පැවසී ය. ඒ අනුව මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය ශ්‍රී ලංකා රජයට දැනුවූ බවත් පසුව යළිත් ශ්‍රී ලංකා රජය මෙම වංචවේ බරපතලකම සහ ඒ සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ද ඇතුළත් කරමින් ජාත්‍යන්තර පොලීසිය වෙත දීර්ඝව කරුණු පැහැදිලි කර තිබේ. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇත්තේ, මෙම කරුණු පැහැදිලි කිරීමේන් පසුවයි. https://www.youtube.com/watch?v=L2o6v1bZxJs&feature=youtu.be https://www.youtube.com/watch?v=8hw10gIy6Kc&feature=youtu.be