by Staff writer 02-06-2020 | 8:22 PM
COLOMBO (News 1st) : ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා හේතුවෙන් 7 වැනි දිනටත් අමෙරිකාව ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබේ.
සාමකාමී විරෝධතා පැවැතියත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය හේතුවෙන්
එම නිහඬ විරෝධතා ඉස්මතුව පෙනීමක් නොමැත.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව රැස්වුණු විරෝධතාකරුවන් අතින් ඕක්ලන්ඩ්හි පිහිටි වාහන අලෙවි කරන ස්ථානයක් ද අද විනාශ විය.
මෑන්හැට්න් ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළෙඳසල් අවහිර කරමින් විශාල පිරිසක් විරෝධය පළ කළේ ය.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුකාරවරුන් සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ.
ඔහු පවසා ඇත්තේ විරෝධතාවලට එරෙහිව ආණ්ඩුකාරවරුන් දුර්වල ආකාරයෙන් පියවර ගනිමින් සිටින නමුත්, ඊට වඩා දැඩි පියවර ගත යුතු බවයි.
තත්ත්වය පාලනයට හමුදාව යොදවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමටත් පෙර සිටම පෙන්ටගනය තුළ නොසුන්සුන් තත්ත්වයක් ඇතිවු බව විදෙස් වාර්තාවල සඳහන් ය.
අමෙරිකානු ජනාධිපතිවරයා ආයුධ සන්නද්ධ සොල්දාදුවන් දහස් ගණනක් යොදවන බවට එලෙස කළ කෙටි කතාවකින් පසු බයිබලයක් ද ඇතැතිව දේවස්ථානයකට පැමිණියේ ය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් වොෂිංටන් දේවස්ථානය අධීක්‍ෂණය කරන බිෂොප් මේරියන් එඩ්ගර් බඩ් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවෙන් තමා කෝපයට පත්වු බවයි.
දේශපාලන ප්‍රකාශයක් කිරීම සඳහා බයිබලය භාවිත කිරීම සම්බන්ධයෙන් ඇය සිය කනස්සල්ල ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර හුස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආර්ට් ඇසිවීඩෝ පවසන්නේ ජනාධිපතිවරයාට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුභවාදී යමක් ප්‍රකාශ කළ නොහැකි නම් නිහඬව සිටින ලෙසයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාද ටිව්ටර් පණිවිඩ කිහිපයක් නිකුත් කර තිබේ.
මෙම විරෝධතා දශක ගණනාවක් පුරා පොලිස් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නොහැකිවීමේ කලකිරීමක් මත හටගත් ඒවා බව එක් පණිවුඩයක සඳහන් ය.
ව්‍යාජ ඩොලර් 20 ක නෝට්ටුවක් ලබාදීම පිළිබඳව ගබඩා සේවකයෙකු පොලීසියට කළ දැනුම් දීමකින් පසු ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඔහු ආවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගියේ ය.
එක්සත් ජනපදය පුරා විරෝධතා සහ කැරලි ඇතිවීමට හේතු වුයේ ඔහු අත්අඩංගුවට පත්වු අවස්ථාවේ මට හුස්ම ගැනීමට බැහැ යනුවෙන් කළ ප්‍රකාශයයි.
පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් ෆ්ලොයිඩ්ගේ ගෙලෙහි දණ ගසා බිම වැටී සිටින ආකාරය,, අත්අඩංගුවට ගැනීමට අදාළ වීඩියෝ පටයක දැක්විය.
ඩෙරික් ෂෝවින් යනු මිනියපොලිස්හි පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 18 කට වැඩි කාලයක් සේවය කළ නිලධාරියෙකි.
මෙම සිදුවීමට පෙර ඔහුට එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු අංශයෙන් චෝදනා 18 ක් එල්ලවී තිබිණ.
එම චෝදනවාවලට අනුව ඔහුට මීට පෙර තරයේ අවවාද කර ඇති බවද සඳහන් ය.
විරෝධතා ඇතිවන පසුබිමක් තුළ සාමකාමී ලෙස ජනයා ඒකරාශී වීම පාලනය කළ පොලිස් නිලධාරීන්ට ඔවුන් ස්තූති කළේ, අතට අතදීමෙනි.
මේ අතර ප්‍රකට බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර්,, මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍යය සඳහා අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා වන ටෙරන්ස් ෆ්ලොයිඩ්ද අමෙරිකාවේ වත්මන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
ඔහු පවසා ඇත්තේ විනාශය තුළින් තම සහෝදරයා නැවත ලබාගත නොහැකි බවයි.
මෙලෙස කඩා කප්පල් ක්‍රියාවල නිරත නොවී,, ජනතාවගේ බලය ඡන්ද මධ්‍යස්ථානවලදී භාවිත කරන ලෙසද ටෙරන්ස් ෆ්ලොයිඩ් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා තිබේ.