by Staff writer 02-06-2020 | 6:30 PM
COLOMBO (News 1st) : සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගෙන ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් අද පස්වරු 4.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂාවට ලක් කෙරිණ.