නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී

by Staff writer 02-06-2020 | 8:02 AM

COLOMBO (News 1st) – යුද හමුදාවේ 55 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ජගත් ගුණවර්ධන මහතා වැඩ භාර ගත්තේ ය.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ය. නියෝජ්‍ය හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මහතා අද වැඩ භාරගැනීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය. රසික ප්‍රනාන්දු මහතා මීට පෙර නැගෙනහිර හමුදා ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය. මේ අතර කොස්ගම, සීතාවකහි ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බලසේනාවේ 42 වැනි සේනා විධායක වශයෙන් මේජර් ජනරාල් ටී.එස්.බන්සජයා මහතා වැඩ භාරගෙන තිබේ. නව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කර ඇති අතර ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ වත්මන් අධිපති ධුරය ද හොබවනු ඇති.