කොටියෙකුගේ මළ සිරුරක් නෙළුවෙන් හමුවෙයි

කොටියෙකුගේ මළ සිරුරක් නෙළුවෙන් හමුවෙයි

by Staff writer 02-06-2020 | 5:18 PM

COLOMBO (News 1st) - මිය ගොස් සිටි කොටියෙකුගේ මළ සිරුරක් නෙළුව, හත්පිටිය ප්‍රදේශයේදී හමු වී තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කොටියාගේ ගෙල ප්‍රදේශයේ තුවාල දක්නට ඇති බවය. එහෙත් කොටියා මද්දකට හසු වූයේ ද යන්න පැහැදිලිව කිව නොහැකි බව ද වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය. අද උදෑසන කොටියාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ ය. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දින 5 කට පමණ පෙර එම කොටියා මිය ගොස් ඇති බවට සැක පළ කරන බවයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ කොටින් 4 දෙනෙකු මදුවලට හසු වී මිය ගොස් තිබේ. පසුගිය දා හැටන්, ලක්ෂපාන ප්‍රදේශයේදී මද්දකට හසු වී කළු කොටියෙකු මිය ගියේ ය.