කරුවලගස්වැව රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

කරුවලගස්වැව රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

by Staff writer 02-06-2020 | 11:08 AM

COLOMBO (News 1st) –  පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 3.15 ට පමණ පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කරුවලගස්වැව 16 කණුව අසළ වංගුවේදී ය. වංගුව ආසන්නයේ තිබු කුඩා කොන්ක්‍රීට් කණුවක ගැටී යතුරු පැදියෙන් පැමිණි පොලිස් නිලධාරීයා විසි වී ගොස් තිබේ. පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ, අඹන්පොල නිවසේ සිට රාජකාරී කටයුතු සඳහා පුත්තලම නගරයට පැමිණෙමින් සිටියදී අදාළ පොලිස් නිලධාරි‍යා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියේ ය. ප්‍රියන්ත රත්න නැමති ඔහු අඹන්පොල , අඹකොලවැව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර ඔහු 33 හැවිරිදි දෙදරු පියෙකි.