by Staff writer 02-06-2020 | 6:39 AM
COLOMBO (News 1st): ලබන ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම ඊයේ(01) අවසන් කෙරිණි.
ඒ අනුව එම පෙත්සම් විභාගයට ගන්නවා ද? නැද් ද? යන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(02) සවස 3.00 ට ලබා දීමට නියමිතය.
ඊයේ එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලුණේ 10වැනි දිනටයි.
ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.