දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි

දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි

දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි

කර්තෘ Staff writer

02 Jun, 2020 | 9:24 pm

COLOMBO (News 1st) : දින 81ක විරාමයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කඳවුර ක්‍රියාත්මක කරන බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි විය.

මේ වන විටෙ ක්‍රීඩකයින් 13 දෙනෙකු පුහුණුවීම් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් ක්‍රීඩකයින්ට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් ද ලබා දී ඇතැයි සඳහන් ය.

අද උදෑසන ක්‍රීඩකයින් කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පුහුණු විය.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රමුඛ පුහුණුකරුවන් සිව්දෙනාගේ අධීක්ෂණය යටතේයි.

සියලු ක්‍රීඩකයින් නේවාසිකව දින 12 ක් මෙම පුහුණු සැසිය සඳහා සහභාගී වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]