කොටියෙකුගේ මළ සිරුරක් නෙළුවෙන් හමුවෙයි

කොටියෙකුගේ මළ සිරුරක් නෙළුවෙන් හමුවෙයි

කොටියෙකුගේ මළ සිරුරක් නෙළුවෙන් හමුවෙයි

කර්තෘ Staff writer

02 Jun, 2020 | 5:18 pm

COLOMBO (News 1st) – මිය ගොස් සිටි කොටියෙකුගේ මළ සිරුරක් නෙළුව, හත්පිටිය ප්‍රදේශයේදී හමු වී තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කොටියාගේ ගෙල ප්‍රදේශයේ තුවාල දක්නට ඇති බවය.

එහෙත් කොටියා මද්දකට හසු වූයේ ද යන්න පැහැදිලිව කිව නොහැකි බව ද වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.

අද උදෑසන කොටියාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ ය.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දින 5 කට පමණ පෙර එම කොටියා මිය ගොස් ඇති බවට සැක පළ කරන බවයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ කොටින් 4 දෙනෙකු මදුවලට හසු වී මිය ගොස් තිබේ.

පසුගිය දා හැටන්, ලක්ෂපාන ප්‍රදේශයේදී මද්දකට හසු වී කළු කොටියෙකු මිය ගියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]