හිටපු ජනපති මෛත්‍රීපාල කොමිසන් ගැන කතා කරයි

හිටපු ජනපති මෛත්‍රීපාල ඔහු පත් කළ කොමිසන් ගැන කතා කරයි

by Staff writer 01-06-2020 | 1:42 PM

COLOMBO (News 1st) –  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පත් කළ ජනාධිපති කොමිසන් සභාව සාර්ථකව කටයුතු කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ය.

තමා පත් කළ කොමිසන් සභා අතරින් බොහෝ දෙනා අතර සාකච්ඡාවට ලක් වූයේ මහ බැංකු මූල්‍ය චංචා පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. මෙහිදී හිටපු ජනපති වැඩිදුරටත් සඳහන් කළේ , මෙම කොමිසම හරහා මහ බැංකු මූල්‍ය වංචාවට සම්බන්ධ අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා රිමාන්ඩ් භාරයේ සිටි බවයි.