සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නැයි නියෝග

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

by Staff writer 01-06-2020 | 4:31 PM

COLOMBO (News 1st) - වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) නියෝග කරනු ලැබ තිබේ.

ඒ, හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් බොරු සාක්ෂි සැකසීමේ වරදටයි.