නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු කොටු

මිහින්තලේදී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 01-06-2020 | 11:12 AM

COLOMBO (News 1st) –  මිහින්තලේ, ලබුවැව, මීමල්ගම ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මිහින්තලේ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි. මිහින්තලේ , කල්ලංචිය පොලිස් මාර්ග බාධකයේ දී මෙම ත්‍රීරෝද රථය පරීක්ෂා කර ඇති අතර එහිදී එක් ප්‍රද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බවයි. ඔහු මීමල්ගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.