මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ගන්නවා ද? නැද්ද? යන නියෝගය හෙට..

by Staff writer 01-06-2020 | 5:24 PM

COLOMBO (News 1st) - ලබන ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම මීට ටික වේලාවකට පෙර අවසන් කෙරිණි.

ඒ අනුව එම පෙත්සම් විභාගයට ගන්නවා ද? නැද් ද? යන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙට සවස 3.00 ට ලබා දීමට නියමිතය. අද එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලුණේ 10වැනි දිනටයි. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.