පොලීසියෙන් බස්නාහිර පළාතේ විශේෂ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාතේ විශේෂ වැඩසටහනක්

by Staff writer 01-06-2020 | 12:03 PM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ, බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ය. පොලීසිය පැවසුවේ අපරාධ මැඩලීම සඳහා පැය 24 තුළම විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බවයි.