ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-06-2020 | 5:59 AM
දේශීය පුවත් 1.කොළඹ නැව් තටාකාංගනයේ නිපදවන අලුත්ම නැව් 4 - කො‍ළඹ නැව් තටාකාංගනයේ මේ දිනවල නව යාත්‍රා 4 ක ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මෙම සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් විසින්ම සිදුකිරීම විශේෂත්වයකි. 2. හොරු තවමත් එළියේ.. - මෙරටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියක පල කළ ලිපියකින් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 3. ඇමති ආරුමුගන් තොණ්ඩමන් අවසන් ගමන් යයි – අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණි. 4. කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන්හි අද ඉරණම – කොරෝනා වෛරසය නිසා රට වසා දමා තිබූ කාලයේ ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිමව සිදු කළ වැලි පොම්ප කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය කොටස් තුනකින් සමන්විත වේ. කැලිඩෝ , අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් සංවර්ධනය කිරීම එම ව්‍යාපෘති වේ... 5. “සයිබර් ප්‍රහාර උත්සාහයේ දී දත්ත සොරා ගැනීමක් සිදු වී නැහැ” – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය – සයිබර් ප්‍රහාර උත්සාහයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)පවසයි. විදෙස් පුවත් 1.කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි අමෙරිකාවේ විරෝධතා දරුණු වෙයි – අමෙරිකාවේ නිරායුධ කළු ජාතිකයෙකු මරා දැමීමට එරෙහි උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ.