නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග 708 දෙනෙකු කොටු

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-06-2020 | 12:12 PM

COLOMBO (News 1st) – ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 697 කි. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් , මාවා , ගංජා , අයිස් , මත්පෙති සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.