කොළඹ තාවකාලික පදිංචිකරුවන්ගේ දත්ත රැස් කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ තාවකාලික පදිංචිකරුවන්ගේ දත්ත රැස් කිරීමේ වැඩසටහනක්

by Staff writer 01-06-2020 | 12:09 PM

COLOMBO (News 1st) – කොළඹ දිස්ත්‍රික්කය තුළ තාවකාලිකව පදිංචි වී සිටින පුද්ගලයින් පිළිබඳ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල ග්‍රාමසේවා වසම් 60 ක නිවෙස්වල තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයින්ගේ දත්ත ලබා ගත් බවයි. ඒ අනුව දත්ත ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 40,871 කි.