මහේන්ද්‍රන් ගෙන්වීමට අත්සන් 21,000ක් ගැහුවා

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ඇඟිලිවල දියපට්ට එනකම් අත්සන් 21,000ක් ගැහුවා - හිටපු ජනපති මෛත්‍රීපාල

by Chathuranga Rajapaksha 01-06-2020 | 9:40 PM
COLOMBO (News 1st): හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේදී මාධ්‍ය හමුවකට සහභාගි විය. එහිදී ඔහු ජනාධිපති කොමිෂන් සභා සහ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ අදහස් දැක්විය.
පහුගිය දින දෙක තුන ගත් විට ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ වාර්තා රාශියක් පළ වුණා. මම පත් පත්කළ ජනාධිපති කොමිෂන් සභා පහෙන් අවසාන කොමිසම වූ පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කොමිසන් සභාව මේ දිනවලත් කටයුතු කරගෙන යනවා. මම ජනාධිපති කොමිෂන් සභා 5ක් පත් කරලා තියනවා. එක් එක් ආණ්ඩුවලින් පත් කළ කොමිෂන් සභා තුළින් මම පත් කළ පත් කළ මහ බැංකු මූල්‍ය වංචාව පිළිබඳ කොමිෂන් සභාව තරම් රටේ සාමාන්‍ය ජනතාව අතරේ පොදු ජනතාව අතර ඒ වගේම උගතුන් බුද්ධිමතුන් දේශපාලන විචාරකයින් සහ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්වූ තවත් කිසිම කොමිෂන් සභාවක් නැහැ. බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ සභාගත කළ. පාර්ලිමේන්තුවේ සභාගත කළා වගේම බැඳුම්කර වාර්තාව මහ බැංකුව සම්බන්ධයෙන් අන්තර්ජාලයට නිකුත් කළා. මේ වාර්තාවෙන් නිර්දේශ කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් සිදු වූ මූල්‍ය වංචා සොයන්න වෝහාරික විගණනයක් කළ යුතුයි කියලා. මේ කොමිෂන් සභා වාර්තාව භාර දීලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු ඉතාම හොඳින් කරගෙන ගියා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අර්ජුන ඇලෝසියස් ඇතුළු කණ්ඩායමක් රිමාන්ඩ් භාරයේ දීර්ඝ කාලයක් හිටියේ. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම සදහා මගේ කාල සීමාවේ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විදේශ කටයුතු අමාත්‍යංශය සහ සිංගප්පූරු රජය. ලිපි ලේඛන සියල්ල ගනුදෙනු කෙරුවා. ඒ ගනුදෙනු කෙරුව විතරක් නෙමෙයි 2019 මට සිංගප්පූරුවට යන්න වුණා. ජාත්‍යන්තර සමුළුවකට ඒකෙ අවස්ථාවේ සිංගප්පූරු අගමැතිතුමා මම පුද්ගලිකව හමු වුණා. පුද්ගලිකව හමුවෙලා මම කිව්වා අපේ ලිපි ලේඛන අපි හදලා එවල තියනවා එවලා තියනවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට භාර දෙන්න කියලා මම සිංගප්පූරු අගමැතිවරයාට කිව්වා. නීතිපති දෙපාර්තමේන්තුව සකස් කරපු ලිපි ලේඛන අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මට ඒ ලිපිගොනුවල අත්සන් කරන්න සිද්ධ වුණා මේක කෙනෙක් විශ්වාස කරයිද දන්නෑ රටේ රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට අත්සන් 21,000 ක් මට ගහන්න වුණා මගේ අතින්. සිල් එක පිළිගන්නේ නෑ කිව්වා නීතිපතිතුමා කිව්වා. ඒක නිසා මම දවස් තුනක් මගේ මේ ඇඟිලි 3ක් දියපට්ට ඇවිල්ලා පෑනට. අත්සන් 21,000ක් මම ගැහුවා ජනාධිපතිවරයා විදිහට. මේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා. ඒ විදිහේ වැඩ කොටසක් මම කළා.
  https://youtu.be/ye9DbG-y2vU