අද සිට දුම්රිය 33 ක් ධාවනයට

අද සිට දුම්රිය 33 ක් ධාවනයට

by Staff writer 01-06-2020 | 6:04 AM

COLOMBO (News 1st) – අද සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් දුම්රියේ ගමන් කිරිමට පුද්ගලයින් 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි. බස් රථ 5000 කට අධික සංඛ්‍යාවක් ලබන සතියේ ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, මේ වනවිට බස් රථ 4800 ක් ධාවයට එක් කර ඇති බවයි. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200 ක් ධාවනය සඳහා එක් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිසන් සභාව සඳහන් කළේ ය.