home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
විරෝධතා උත්සන්න වෙයි: ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ බංකරයකට රැගෙන යයි
by Staff writer
01-06-2020 | 5:01 PM
News 1st -
නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ ක්‍රියාත්මක උද්ඝෝෂණ තීව්ර වීමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහ පුතු බැරන් ට්‍රම්ප් ඇතුළු පවුලේ සාමාජිකයින් ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙනගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සිකුරා එය සිදු වී තිබෙන අතර එහිදී පැයක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු ජනාධිපතිවරයා යළි ධවල මන්දිරයේ උඩු මහල වෙත රැගෙනවිත් ඇති බව ය. විරෝධතා ආරම්භ වී අදට දින 6කි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 4400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ, පසුගිය 26 වැනි දා සිට මේ දක්වා කාලය තුළයි. කැලිෆෝනියාවේ පිහිටි පොලිස් පරිපාලන ගොඩනැගිල්ලකට වෙඩි ප්‍රහාර මාලාවක් ද එල්ල වී තිබේ. ඉන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැත. ධවල මන්දිරය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් පළවා හැරීමට එරට ආරක්ෂක අංශ ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේ ය. මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතාකරුවන් හැඳින්වූයේ ගෘහස්ථ ත්රස්තවාදීන් ලෙසය. අමෙරිකාවේ නගර 40 කට පමණ මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර වොෂින්ටන් නුවර සහ ප්‍රාන්ත 15කට ජාතික ආරක්ෂක බලකාය ද යොදවා තිබේ. විරෝධතාකරුවන් පවසන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකයා මරා දැමීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවයි. එම කළු ජාතිකයාගේ ගෙල සිරකළ බවට චෝදනා එල්ල වූ සුදු ජාතික පොලිස් නිලධාරියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අමෙරිකාවේ පවතින උද්ඝෝෂණ විදෙස් මාධ්‍යන්හි කැමරාවට හසු වූ අයුරු....
වෙනත් ලිපි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රීලංකාවට ඇගයීම් සහතිකයක්
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් 1000ක් නවතී...
නැවත රට ගොඩ නැගීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මකයි
සේවකයින් 4,000ක් ඉවත් කිරීමට JLR සමාගමෙන් තීරණයක්!
සඳටත් අයිතිය කියන ට්‍රම්ප්...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අදින් ඇරඹෙයි..
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය