home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
විරෝධතා උත්සන්න වෙයි: ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ බංකරයකට රැගෙන යයි
by Staff writer
01-06-2020 | 5:01 PM
News 1st -
නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ ක්‍රියාත්මක උද්ඝෝෂණ තීව්ර වීමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහ පුතු බැරන් ට්‍රම්ප් ඇතුළු පවුලේ සාමාජිකයින් ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙනගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සිකුරා එය සිදු වී තිබෙන අතර එහිදී පැයක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු ජනාධිපතිවරයා යළි ධවල මන්දිරයේ උඩු මහල වෙත රැගෙනවිත් ඇති බව ය. විරෝධතා ආරම්භ වී අදට දින 6කි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 4400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ, පසුගිය 26 වැනි දා සිට මේ දක්වා කාලය තුළයි. කැලිෆෝනියාවේ පිහිටි පොලිස් පරිපාලන ගොඩනැගිල්ලකට වෙඩි ප්‍රහාර මාලාවක් ද එල්ල වී තිබේ. ඉන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැත. ධවල මන්දිරය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් පළවා හැරීමට එරට ආරක්ෂක අංශ ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේ ය. මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතාකරුවන් හැඳින්වූයේ ගෘහස්ථ ත්රස්තවාදීන් ලෙසය. අමෙරිකාවේ නගර 40 කට පමණ මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර වොෂින්ටන් නුවර සහ ප්‍රාන්ත 15කට ජාතික ආරක්ෂක බලකාය ද යොදවා තිබේ. විරෝධතාකරුවන් පවසන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකයා මරා දැමීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවයි. එම කළු ජාතිකයාගේ ගෙල සිරකළ බවට චෝදනා එල්ල වූ සුදු ජාතික පොලිස් නිලධාරියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අමෙරිකාවේ පවතින උද්ඝෝෂණ විදෙස් මාධ්‍යන්හි කැමරාවට හසු වූ අයුරු....
වෙනත් ලිපි
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වියළි සළාක තොගයක්
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීම..
සිඩ්නි ත්‍රස්ත ප්‍රහාරයෙන් 11ක් මරුට
අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක්
කාම්බෝජයට එරෙහිව සටන් වදිනවා,තායිලන්තයෙන් ප්‍රතිඥා
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය