by Staff writer 01-06-2020 | 4:43 PM
News 1st - නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 4000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පසුගිය 26 වැනි දා සිට මේ දක්වා කාලය තුළයි.
කැලිෆෝනියාවේ පිහිටි පොලිස් පරිපාලන ගොඩනැගිල්ලකට වෙඩි ප්‍රහාර මාලාවක් ද එල්ල වී ඇත.
ඉන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැත.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.