by Staff writer 31-05-2020 | 8:47 PM
COLOMBO (News 1st) – මෙරටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියක පල කළ ලිපියකින් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා පවසන පරිදි මෙරට රාජ්‍ය මූල්‍ය විමර්ශන අධිකාරීන් 4 ක් අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු බව පෙන්වා දී අවසන් ය.
බැදුම්කර වංචාව ගැන සිදුකළ පළමු පාර්ලිමේන්තු විමර්ශනය කුමක්ද?
ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ කෝප් කමිටුවයි.
හිටපු කෝප් සභාපති ඩිව් ගුණසේකර මහතාට අනුව අර්ජුන මහේන්ද්‍රන් විමර්ශනයේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එවක අගමැති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් ක්‍රියාත්මක කර බවයි.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂි ලබාදෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, බැදුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කිරීම ගැන තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමග ආන්දෝලනාත්මක වෙන්දේසියට කලින් සාකච්ඡා කළ බවයි.
මේ වෙනස එතෙක් පවැති සෘජු තැන්පතු ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා වෙන්දේසි ක්‍රමයට බැදුම්කර නිකුත් කිරීම ය.
විද්වතුන්ට අනුව එය නිසි ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීමකි.
මෙම බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ දෙවන පාර්ලිමේන්තු කෝප් කමිටුව අනාවරණ කර ගත්තේ මොනවද ?
2015 අගෝස්තු මාසයේදී පත්වූ සුනිල් හඳුන්නෙත්ති ප්‍රමුඛ කෝප් කමිටුව විසින් හිටපු අගමැති අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර වංචාවට සෘජුව වගකිව යුතු බව අනාවරණ කළේ ය.
හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ආන්දෝලනාත්මක බැදුම්කර වංචාවෙන් සිදුවූ පාඩුව මගහැරීමට කටයුතු නොකිරීම නිසා අර්ජුන මහේන්ද්‍රන් සෘජුව මේ සිද්ධියට වගකිව යුතු බවයි.
ඔහු කියා සිටියේ තම විශේෂ විගණන වාර්තාවට අනුව ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 16කට අධික එම පාඩුව මගහරවා ගැනීමට අර්ජුන මහේන්ද්‍රන් අපොහොසත් වූ බවයි .
එම බැදුම්කර වෙන්දේසිය අවසන් විනාඩි කිහිපයේදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රමුඛ කණ්ඩායමක් විශාල ප්‍රමාණයන්ගෙන් ලංසු තැබූ බවද ගාමිණි විජේසිංහ මහතා කොමිසමේදී ප්‍රකාශ කළේ ය.
එනම්, කෝප් කමිටු දෙකක් විගණකාධිපතිවරයා සහ ජනාධිපති විමර්ශන කොමිසම යන මහජන මූල්‍ය විමර්ශන ආයතන 4ම අවධාරණය කර තිබෙන්නේ මෙරටට සිදුවූ ඒ විශාල පාඩුවට හිටපු මහ බැංකු අධිපතිවරයා සෘජුව වගකිව යුතු බවය.
කොහොමද මේ මහා වංචාව ජනාතාවට බලපාන්නේ ?
ඊට හේතුව මේ හොරකම් කළේ ජනතාවගේ සල්ලි ?
මෙරට දුක් මහන්සි වී වැඩ කරන ජනතාවගේ සල්ලි ?
ඒ වගේම තමන් හම්බුකරන මුදලින් සුළු කොටසක් ආරක්ෂාව සඳහා බැර කරන සේවක අර්ථසාධක අරමුදලිනුත් මේ අය හොරකම් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/540818056613594/