සල්ලි දීලා වැඩක් නැහැ වතුර දෙන්න

සල්ලි දීලා වැඩක් නැහැ වතුර දෙන්න -ආදිවාසී නායක

by Staff writer 31-05-2020 | 9:24 PM

COLOMBO (News 1st) –  ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් රටේම ගොවියන් මුහුණ දෙන ජල ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.

වතුර පිළිබඳව ගැටලුවක් තියෙනවා. මම හිතන විදිහට මේ දඹාන විතරක් නෙවෙයි මිනිස්සුන්ට ගොවිතැන් කරන්න ආසාවක් තියෙනවා ශක්තියක් තියෙනවා. හැබැයි තියෙන ලොකුම ගැටලුව තමයි වතුර නැතිකම, තියන වැව් දෙකටත් වැස්සොත් තමයි වතුර එකතු වෙන්නේ. මුදල් ලැබුණත් එය දවස් දෙක තුනකට විසඳුමක් නෙවෙයි. කාලයක් මිනිස්සුන්ට ජීවත් වෙන්නට පුළුවන් විසඳුමක් ලෙස මම හිතනවා වගා කරන්න කියල කිව්වට මේ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ට ගොඩක් අමාරුයි වතුර නැති නිසා.
https://www.facebook.com/NewsfirstSL/videos/1119771815045493/