සංචාරක මගපෙන්වන්නන්‍ට දීමනාවක්

සංචාරක මගපෙන්වන්නන්‍ට දීමනාවක්

by Hashini De Mel 31-05-2020 | 10:47 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි පුද්ගලයින් 3500ක් පමණ සිටින බව ය. ඒ අනුව හෝටල්වල සේවය කරන සංචාරකයින් ගෙන්වන පුද්ගලයින්ට, අනෙකුත් සංචාරක කර්මාන්තයට අදාළ පුද්ගලයින්ට හා රියැදුරන්ට මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000 ක්, රියැදුරන්ට රුපියල් 15,000 ක් බැගින් එක මාසයකට පමණක් ලබාදෙන දීමනාවක් වශයෙන් ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ජුනි මස මැද සිට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. මේ සඳහා දළ වශයෙන් මිලියන 150 ක් පමණ මුදලක් වැයවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හේට්ටිආරච්චි මහතා පැවසීය. මේ අතර ජුනි මස 01 වැනිදායින් පසු එළැඹෙන සතියේ සිට හෝටල්වල විවාහ මංගල්‍යයන් සඳහා එම උත්සව ශාලාවෙන් 1/3 සංඛ්‍යාවකට යටත්ව උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන බව ද සිරිපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා නිව්ස්ෆස්ට් සමග කළ සම්පූර්ණ සංවාදය.. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/05/05-31-SIRIPALA-HEETTI-INTW-online-audio-converter.com-wedding.mp3"][/audio]