රු. 5000 දීමනාව: වැඩිම අභියාචනා සංඛ්‍යාව කළුතරින්

රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක්

by Staff writer 31-05-2020 | 7:55 AM

COLOMBO (News 1st) - ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක් ලැබී තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය සඳහන් කළේ, එම අභියාචනා සම්බන්ධයෙන් සළකා බලන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවය. ලැබුණු අභියාචනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 5000කට අධිකය. කොළඹින් ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව 4000 කට අධික වේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 2033 ක් ලැබී ඇති බවය. මහනුවර දිස්ත්‍රික්කයෙන් අභියාචනා 176 ක් ලැබී ඇතැයි එම කාර්ය සාධන වැඩිදුරටත් සඳහන් කළේ ය.