මාවතගම ප්‍රදේශයේ පළගැටි උවදුරක්

මාවතගම පළගැටි උවදුරක්:වගාවන් රැසකට හානි..

by Staff writer 31-05-2020 | 1:48 PM

COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පළගැටි විශේෂයක් අධික ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් බෝග රැසකට හානි සිදුව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, රංචු වශයෙන් සැරිසරන මෙම පළගැටි විශේෂය බඩ ඉරිඟු, කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවය. මෙම පළගැටියන් දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ බව ප්‍රදේශවාසීන් පැවසීය. මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයට ගොස් සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, කෘමිනාශක යොදා ගනිමින් එම පළගැටි උවදුර මර්දනය කිරීමට පියවර ගන්නා බවයි.