පාසල් යළි ඇරඹීම: උපදෙස් චක්‍රලේඛයක් අධ්‍යක්ෂවරුන්ට

පාසල් යළි ඇරඹීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සකස් කරන්නැයි උපදෙස්

by Staff writer 31-05-2020 | 7:52 AM

COLOMBO (News 1st) - පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සුදුසු පරිදි සකස් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ, ඊට අදාළ උපදෙස් චක්‍රලේඛයක් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යොමු කර ඇති බවය. එම ක්‍රමවේදය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, සෞඛ්‍ය තත්ත්වයන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව සකස් කළ යුතු වේ. ලේකම්වරයා පැවසුවේ, යළි පාසල් ආරම්භ කිරීමේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවය. පාසල් යළි ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් සකස් කෙරෙන ක්‍රමවේදයන්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.