නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ 31 දෙනෙකු දැලේ ‍

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ 31 දෙනෙකු දැලේ ‍

by Staff writer 31-05-2020 | 4:55 PM

COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ගම්පහ සහ පූගොඩ ප්‍රදේශවල කළ විශේෂ මෙහෙයුමකදී ය. එහිදී නීති විරෝධී මත්පැන් බැරල් 55 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ සහ අද එම වැටලීම් ක්‍රියාත්මක කළ බව පොලීසිය සඳහන් කළේ ය.