නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 223 ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 223 ක් අද නිවෙස් වෙත..

by Staff writer 31-05-2020 | 1:07 PM

COLOMBO (News 1st) - නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 223 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් තුළ මේ වනවිට පුද්ගලයින් 5318 දෙනෙකු රැඳී සිටින බවය.