ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 31-05-2020 | 6:27 AM

දේශීය පුවත්

1. මාලිගාවත්තේ වෙඩි තැබීමක්: මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලැබු බවට සැකකරන පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ. 2. Sports 1st අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පොළොන්නරුවට: ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉදිකිරීම් ආරම්භ කොට නටඹුන් වෙමින් තිබූ පොළොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ ස්පෝර්ට්ස් ෆස්ට් සිදු කළ අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එම ක්‍රීඩාංගණයට පැමිණියේ ය. 3. අර්ජුන මහේන්ද්‍රන්ට අත පිහදාගන්න දෙයි ද?: බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවෙක් වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියකට යොමු කළ ලිපියකින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 4. මිරිස්සේ ‘සන් සයින් සුද්දා’ට වෙඩි: වැලිගම, මිරිස්ස වරාය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.

විදෙස් පුවත්

5. ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 60 ඉක්මවයි: ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවා තිබේ.